ඉදිරියේදී භාණ්ඩ වර්ග 300 කට ආසන්න ප්‍රමාණයක ආනයන සීමාවන් ඉවත් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.
භාණ්ඩ වර්ග රැසක් සදහා දැනට පනවා ඇති ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීම සිදු කරන බව කියා සිටි අමාත්‍යවරයා වාහන ආනයනය සම්බන්ධයෙන් මේ වසර තුළ සලකා බැලීමට හෝ හැකියාවක් නැති බව ප්‍රකාශ කරයි.
ලබන වසරේදී වාහන ආනයනය සම්බන්ධයෙන් මේ වසර අවසානයේදී තීරණයක් ගැනිමට හැකියාවක් ඇති බවද ඔහු පැවසන ලදි.
