ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දියානු සංචාරයේදී ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය හා තවත් ක්ෂේත්‍ර කිහිපයක් සංවර්ධනය කිරීමට ඉන්දියාවේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන්, අවදානය යොමු කෙරෙනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය විදේශ ලේකම් Vinay Kwatra සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා කර ඇත .

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතාවල ධනාත්මක වර්ධනයක් අපේක්ෂා කරන බවට විදේශ ලේකම්වරයා ප්‍රකාශ කළ බවත් දෙරටේ ආර්ථික හවුල්කාරිත්වය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇති බව සඳහන වේ.

රනිල් වික්‍රමසිංහ මහතා සංචාරය සාර්ථකත්වයට ලඟා කරගනු ඇති බවට ඉන්දියාව විශ්වාස පල කරන බව ද Vinay Kwatra වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page