පක්‍ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සංවිධානය කිරීම පිලිබදව සාකච්ඡා කිරීමට මහනුවර දිස්ත්‍රික්කයට අදාළව පැවති රැස්විමට එම දිස්ත්‍රික්කයේ ප්‍රබලයන් තිදෙනකු සහභාගි නොවි ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධානීන් සහභාගී කරමින්
පෙරේදා දිනයේ දි මෙම රැස්වීම සංවිධානය කර තිබුණි .

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ නිවසේදී පැවති මෙම සකච්චාවට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම හා අනුරාධ ජයරත්න යන අය සහභාගී වුයේ නැත.

මෙම රැස්වීම කැඳවා තිබුණේ පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතු ලිපියකිනි.

හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පළාත් සභා හා ප්‍රාදේශීය දේශපාලඥයන් රැසක් සහභාගි වී තිබිණි.

මෙම තිදෙනා එදින සහභාගි නොවීම මත අදාල රැස්වීම එළඹෙන 18 වන දින නැවතත් කොළඹ පක්ෂ කාර්යාලයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පක්ෂය ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව තීන්දු තීරණ ගැනීම සඳහා සඳහාය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page