ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම සඳහා ගිවිසුමට සයිනොපෙක් ආයතනය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අද අත්සන් තබා තිබේ.
ඩොලර් මිලියන 100ක් ආයෝජනය කර ඇති සයිනොපෙක් ආයතනය, ඉන්ධන ආනයනය ,ගබඩා කිරීම සහ අලෙවිය සදහා ගිවිසුම් අත්සන් කර ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ඉන්ධන අලෙවිසැල් 150 ක් සම්බන්ධ කොට නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපිත කිරිම සිදු කරයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ අංක 17 ප්‍රකාරව සයිනොපෙක් එනර්ජි ලංකා ආයතනයේ අධීක්‍ෂණය යටතේ වසර 20ක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ගිවිසුම මගින් ඉඩ ලබාදී තිබේ.
