දක්ෂිණ අධිවෙගි මාර්ගයේ දොඩම්ගොඩ පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට අනවසරෙන් ඇතුළු වු යතුරු පැදියක සිටි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු වැලිපැන්න දෙසට යතුරු පැදියෙන් ගමන් කරද්දී අධිවේගී මාර්ගයේ රථවාහන පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔහු පසුපස ගොස් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ විදුලි කාර්මිකයෙකු වන ඔහු අත්අඩංගුවට ගන්නා විට අධික ලෙස මත්පැන් පානය කර සිටි බවයි.
