මගි ප්‍රවාහනට නුසුදුසු තත්ත්වයෙන් ඇති බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට නුවරඑලිය දිස්ත්‍රික් මොටර් රථ පරික්ෂක ධමින්ද සේනානායක මහතා කටයුතු කර ඇත .
පෞද්ගලික බස් රථ 07 ක් සහ ලංගම බස් රථයක් 17 වන දින සිට ධාවනයෙන් ඉවත් කිරිම ඒ අනුව සිදු විය .
හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම , සහකාර පොලිස් අධිකාරි 2 ප්‍රියන්ත වික්‍රමනායක යන මහතුන්ගේ උපදෙස් පරිදි ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ සහ ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.කන්නන් යන මහතුන්ගේ අධික්ෂණය යටතේ ගිනිගත්හේන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් සහ හැටන් පොලිස් කොට්ඨාශ රථ වාහන අංශයේ නිලධාරින් සහ නුවරඑලිය දිස්ත්‍රික් මොටර් රථ පරික්ෂකවරයා සමග එක්ව ගිනිගත්හේන බස් නැවතුම්පොලේදි පාසල් ළමුන් සහ මගි ප්‍රවාහන ලංගම සහ පෞද්ගලික බස් රථ 48 ක් හදිසි පරික්ෂාවට ලක් කිරිමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත.
මෙම හදිසි පරික්ෂාවේදි නාවලපිටිය ගිනිගත්හේන මාර්ගයේ ධාවනයට එක් කර තිබු පෞද්ගලික බස් රථ 07 ක් සහ නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක් ඇතුළු බස් රථ 08 ක් මගි ප්‍රවාහනයට නුසුදුසු තත්ත්වයේ අඩුපාඩුකම් රැසක් සහිතව තිබු නිසා එම බස් රථ 08 අඩුපාඩුකම් දින 14 ක් තුල අලුත්වැඩියා කර යලිත් මොටර් රථ පරික්ෂකවරයාගේ අධික්ෂණයට යොමු කරන තෙක් එම බස් රථ වල අදායම් බලපත්‍රය මොටර් රථ පරික්ෂකවරයාගේ භාරයට ගැණින.
තවත් අතුරු මාර්ග කිහිපයකම ධාවනය කරන බස් රථ කිහිපයකම සවි කර තිබු අධික ශබ්ද සහිත නලා සහ මගින්ට අවහිර වන සේ සවි කර තිබු අමතර උපාංග ගලවා ඉවත් කිරිමට මොටර් රථ පරික්ෂකවරයා විසින් බස් රථ රියදුරන්ට උපදෙස් ලබාදි ඇත .
