දිළිඳු දරුවන්ට නොමිලේ සීසන් ටිකට් ලබා දීමටත් ගෙවීමේ හැකියාවක් ඇති අයට ගමන් ගාස්තුවෙන් තුනෙන් එකක් ගෙවා සිසන් පත ලබා ගැනිමටත් කටයුතු කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පොළොන්නරුව දිස්ත්‍රික් සජබ මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව කීය.
බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ සිසුසැරිය ක්‍රියාත්මක කරන්නේ රජයෙන් ලැබෙන විශාල සහනාධාරයක් මත බවත් වර්ෂයකට බිලියන දෙකක් ඊට සහනාධාර ලෙස ලබා දෙන නමුත් රාජ්‍ය මූල්‍ය අර්බුදය නිසා ඒ මුදල් දෙන්න භාණ්ඩාගාරයට හැකියාවක් නැති බවයි. එවිට සිසු සැරිය පවත්වාගෙන යාම පිළිබඳව ගමනාගමන මණ්ඩලයට මෙන්ම පෞද්ගලික අංශයට විශාල ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බවද සීසන් ටිකට් පත් සඳහා විශාල සහනාධාරයක් දෙන විට යෙදවෙන බස් රථ ප්‍රමාණය අඩු වෙන බවද අමාත්‍යවරයා කීය.
