කළු මුහුද හරහා ධාන්‍ය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් යුක්රේනය හා රුසියාව අතර පවතින ගිවිසුම තවදුරටත් දිර්ඝ නොකරන බව රුසියාව නිවේදනය කිරීම හේතුවෙන් ධාන්‍ය මත රඳා පවතින නැගෙනහිර අප්‍රිකානු රටවල් දැඩි ආහාර අර්බුදයකට මුහුණ දි ඇති බව ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවා ඇත.
දැනටමත් එම කලාපයේ වෙසෙන මිලියන 80 ක් පමණ ජනතාවට රුසියාවේ මෙම තීරණය නිසා ආහාර අර්බුදයකට මුහුණ දිමට සිදුවනු ඇති බව සඳහන් වේ
රුසියානු හමුදා යුක්‍රේන වරායන් ඉලක්ක කර ප්‍රහාර එල්ලකිරීමෙන් ධාන්‍ය ටොන් 60,000කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම වාතාවරණය තුළ ගෝලීය තිරිඟු මිල ඉහළ ගොස් තිබේ .
