මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත වලට සාපේක්ෂව සියලුම ණය පොලී අනුපාත පහත දැමීමට වහා පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී බැංකු වෙත දැනුම්දී තිබේ.
ණය පොලී අනුපාත ප්‍රතිපත්ති පොළි අනුපාතයට සාපේක්ෂව ප්‍රමාණවත් ලෙස පහත නොදමන්නේ නම් හෝ ප්‍රමාද වන්නේ නම් ඒ පිළිබඳව පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද මහ බැංකුව විසින් අවධාරණය කර ඇත.
