එළැඹෙන ජූලි මස 01 වැනිදා සිට වැට් බදු සහ සමාජ ආරක්ෂණ බදු සඳහා ලියාපදිංචි විම අනිවාර්යෙන්ම සිදුකළ යුතුු බව නුවරඑළිය දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ආදායම් කොමසාරිස් ඊ.ඩී. කරුණාරත්න සඳහන් කරයි.
දෛනිකව රුපියල් ලක්ෂය ඉක්මවන වෙළෙඳාමක් ඇති සෑම සේවා සැපයීම් සහ වෙළෙඳ ආයතනයක්ම මේ සඳහා ලියාපදිංචි විය යුතුය ..
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ව්‍යාපාර සහ සේවා හිමියන් දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරයි.
වාර්ෂිකව මිලියන 60ක්ව තිබූ පිරිවැටුම මේ වන විට අඩු කර ඇති බවත් පැවසූ ඒ මහතා එය මේ වන විට මිලියන 36 දක්වා අඩු කර ඇති බවත් ඒ අනුව සේවා සැපයීම්, තොග සහ සිල්ලර වෙළෙඳාම්, නිෂ්පාදන ආයතන තමන්ගේ බද්දට යටත් පිරිවැටුම වාර්ෂිකව මිලියන 36ක් හෙවත් දිනකට ලක්ෂය ඉක්මවන වෙළෙඳාමක් ඇත්නම් මේ සඳහා ලියාපදිංචි විය යුතු බවද සඳහන් කරයි..
ඒ සඳහා ලියාපදිංචි වීමේ ක්‍රමය අන්තර්ජාලය ඔස්සේ මෙන්ම ඕනෑම ශාඛා කාර්යාලක් හරහා ද සිදුකර ගත හැකි බවත් ඒ සඳහා සියලු පහසුකම් මේ වන විට සලසා දී ඇති බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු….
“අපිට තිබුණේ වැට් සහ SSCL එක වසරකට මිලියන 60ක්. අපි සෘජු බද්ද ප්‍රමාණවත් මදි වීම නිසා තමයි මේ වක්‍ර බදු අනුපාත අඩුවෙලා වැඩි වටිනාකමක් ගෙවන්න වෙන්නේ. ඒ අනුව රටේ ආදායම ආරක්ෂා කර ගැනීම සඳහා තමයි වක්‍ර බද්ද මිලියන 36 දක්වා අඩු වෙලා තියෙන්නේ… ජනතාව වෙනුවෙන් තමයි මේ සියලු බදු මුදල් එකතු කරන්නේ. බද්ද ගෙවන්නේ සාමාන්‍ය මහජනතාව. ව්‍යාපාරික ප්‍රජාව කරන්නේ මේ බද්ද එකතු කරලා රජයට පවරලා දෙන එක ඒ සඳහා ලියාපදිංචි වීම තමයි වැදගත්
