බ්‍රිතාන්‍යයේ රක්ෂණ සමාගමකින් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත රුපියල් කෝටි 4100 ක සහන මුදල ලබා ගැනීම වැළැක්වීමට මහා පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන් පිරිසක් උත්සහ දරන බවට ශ්‍රී ලංකා සුළු සහ මාධ්‍යපරිමාණ සංචාරක ව්‍යවසාය සංගම චෝදනා කරයි.

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යපරිමාන සංචාරක ව්‍යවසායකයන්ගේ අභිවෘද්ධිය සඳහා බ්‍රිතාන්‍ය සමාගම දෙමුහුන් සහන මුදලක් ලෙස මෙය ලබාදීමට නියමිත අතර ජනාධිපති කාර්යාලය මැදිහත් වී එය ලබාගත හොත් රටේ සංචාරක කර්මාන්තයට ඉන් ප්‍රතිලාභ රැසක් හිමිවන බව ඒම සංගමයේ සභාපති බෙනට් ජයරත්න මහතා පැවැසයි.

කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යාවසායකයන් රවටා ඉන් ව්‍යාපාර වාසි ලබාගැනීමට ඔවුන් උත්සාහ කරන බව ද ජයරත්න මහතා කීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page