දුම්රිය සේවකයන් මෙම වැඩවර්ජනය අරඹා ඇත්තේ මගී ජනතාව අපහසුතාවයට පත් නොකර ගැටළු විසඳා ගන්නා ලෙස කියා තිබියදී බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ජනතාව පිඩනයට පත් වන ආකාරයට වැඩ වර්ජන කරනවා නම් කැබිනට් මණ්ඩලයට දැනුම් දී දැඩි තීන්දුවක් ගැනීමට තමා බලාපොරොත්තුවන වන බවද ඔහු සඳහන් කළේය.
දුම්රිය සේවකයන්ට ප්‍රශ්නයක් තියෙනවනම් මුලින්ම දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට පවසන ලෙසත් එතනින් විසඳුම් නොලැබෙන්නේ නම් ප්‍රවාහන ලේකම්වරයාට දැනුම් දෙන ලෙසත් දැනුම් දී තිබූ අතර ඒ සියලුම තැන්වලින් විසඳුම් නොලැබෙන්නේ නම් ප්‍රශ්න ගැටළු තමාට ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බවත් ප්‍රකාශ කළේය.
දුම්රිය මගින් කොළඹට රැගෙන විත් එකපාරටම දුම්රිය නතර කරන්නේ නම් දැඩි තීන්දුවකට පැමිණීමට සිදු වන බව බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
