අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාම්තමක වන පරිදි බිත්තර සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කරයි.

මේ වන විට ඒ සඳහා කැබිනට් අනු මතය ලැබුණු බැවින් ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කරන බව අධිකාරිය පවසයි.

වෙලදපලට ආනයනික බිත්තර නිකුත් කිරීමත් සමග බිත්තර සදහා තරගකාරී මිලක් තීරණය වනු ඇතැයිද අධිකාරිය සඳහන් කරයි.

බස්නාහිර පළාත තුළ සතොස අලෙවිසැල් මගින් සහ සුපිරි වෙළඳසැල් මගේ ආනයනික බිත්තර මිලදී ගත හැකි බව තවදුරටත් සඳහන් කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page