ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන නැති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ පවත්වන ඕනෑම ක්‍රීඩා තරඟාවලියක් සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතුව තිබුනත් IPL සදහා මේ වනවිටත් අවසර ලබා ගෙන නොමැති බව ක්‍රිඩා අමාත්‍යවරයා පැවසයි.

තරගාවලිය ආරම්භ කිරීමට පෙර ලිපි දෙකක් මගින් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා අවසර ලබා ගන්නා ලෙස දැනුම් දුන්නත් එය සිදුවී නැති බවත් ඔහු චෝදනා කරයි.

IPL තරගාවලිය ආරම්භ කිරීමට ආරාධනා ලැබුනත් මෙවන් වාතාවරණයක් තුල මෙම තරඟාවලිය ආරම්භය සඳහා තමන් සහභාගි නොවු බවද අමාත්‍යවරයා සදහන් කරයි .

මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එකතු වූ තවත් කළු පැල්ලමක් බවටද අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page