මේ වන විට වෙළඳපොළේ තුල තේ සහ කුරුඳු මිල පහළ බැස තිබෙන බවත් එම තත්ත්වය හෙතුවෙන් තම වගාවන් පවත්වාගෙන යාමේ ගැටලුවක් ඇති බවත් තේ හා කුරුඳු වගා කරුවන් කියා සිටි.
දැනට මාස කිහිපයකට පෙර රුපියල් 300ට ඉහළ මිලකට පැවැති තේ දළු කිලෝවක් අද වන විට රුපියල් 150 සීමාවට පහළ බැස ඇති බව කුඩා තේ වතු හිමියෝ පවසයි .
ඒසෙම රුපියල් 5000 ට ආසන්න මිලකට පැවති කුරුදු කිලෝවක් මේ වන විට රුපියල් 2000 දක්වා පහළ බැස ඇති බවත් කුරුඳු වැවිලිකරුවන් කියා සිටිති.
ජාත්‍යන්තර වෙළද පොළේ ඉල්ලුම අඩු වීම, ඩොලරයේ අගය පහළ බැසීම මීට හේතු වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙති.
