දැනට ආනයන සීමා කර ඇති තවත් භාණ්ඩ වර්ග 300 ක් සදහා ආනයන සීමාවන් එළඹෙන සැප්තැම්බර් මාසයේ ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ මෙරට ඇති වූ ආර්ථික අර්බුදය සමග මෙම භාණ්ඩ සඳහා ආනයන සීමා පැනවීමට සිදුව ඇති බවත් ජනාධිපතිවරයාගේ මුල්‍ය ප්රතිපත්තියත් සමග සිමා කරන ලද ආනයනයන් ටිකෙන් ටික ලිහිල් කරිමට හැකියාව ඇති බවයි .
