ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා බැණ වැද තර්ජනය කළේ යැයි කළුතර කායවර්ධන සංගමයේ හිටපු උප සභාපති අනුර වීරසිංහ මහතා විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

‍ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතන එරෙහිව කොළඹ දිසා අධිකරණයේ පවරා තිබූ නඩුවක නියෝගය එම ආයතනය වෙත ලැබීමත් සමඟ සභාපතිවරයා මෙලෙස තමන්ට බැණ වැදුණු බව මිරිහාන පොලිසිය වෙත පැමිණිලි කරමින් අනුර වීරසිංහ මහතා සඳහන් කරයි.

‘අර්ජුන රණතුංග සමග එකතු වී අපට කෙලවන්නද හදන්නේ’ යයි අසමින් ක්‍රිකට් සභාපති වැදුණු බව ද පැමිණිල්ලේ සඳහන් වෙයි.

ඒ අනුව ශම්මිද සිල්වා සහ පැමිණිලිකරු අද දිනයේ මිරිහාන මූලස්ථාන පොලිසිය වෙත කැඳවීමට නියමිතව ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page