ස්ථාන මාරු නියෝග අනුව කටයුතු නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යාංශය සඳහන් කලේ අවස්ථා කිහිපයකදීම ඔවුන් දැනුවත් කර ඇති බවත් එහෙත් ඒ පිළිබඳ තැකීමකින් තොරව ඔවුන් තමා පෙර සිටි පාසල්වලම සේවය කරන බවට පැමිණීලි ලැබී ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ඇතැම් ගුරුවරුන් සේවා අවශ්‍යතාව මත දැනට සිටින පාසල්වලම රඳවා ගැනීමට විදුහල්පතිවරුන් ඉල්ලීම් කර ඇති අතර එවැනි ගුරුවරුන්ට මෙම තීරණය බලාත්මක නොවන බවයි පැවසෙන්නේ.
