ඉදිරි ගෝලීය අභියෝගවලට මුහුණදිය හැකි විද්‍යාව හා නවීන තාක්ෂණය සමඟ අනුගත වූණු අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි .

ලෝක ආර්ථිකය රඳා පවතින්නේ
විද්‍යාව හා නවීන තාක්ෂණය
මත පදනම් වූ අංශ කිහිපයක් මත වන බවත් කෘත්‍රීම බුද්ධිය, රොබෝ තාක්ෂණය, බලශක්ති ගබඩාකරණය, බ්ලොක්චේන් තාක්ෂණය, ජෙනොම් විද්‍යාව වැනි අංශ බව ජනාධිපතිවරයා පෙන්වා දෙන ලදි.

එම තාක්ෂණය සමඟ ඉදිරියට යාමට අපගේ අනාගත පරපුරද සූදානම් කළ යුතු බවත් අතීතය ගැන පමණක් සිතන දේශපාලන සම්ප්‍රදායෙන් බැහැරව අනාගතය පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරියට යාමට සියලු දෙනා එක්විය යුතු බවත් මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ නව අධ්‍යාපන ක්‍රමයකින් පමණක් බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කලා.

පසුගිය උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ශිෂ්‍යාවන් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම හා කැපවීමෙන් සේවය කළ ගුරුභවතුන් ඇගයීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

නුගේගොඩ අනුලා විද්‍යාලයට ජනාධිපතිවරයෙක් පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් විදුහල්පතිනි වයෝනි විශාඛා රාජපක්ෂ මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වූවාය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page