නිගයෙන් ජලය සිදී ගොස් ඇති ජලාශ කිහිපයක මැණික් ගැරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර සතියක් ඇතුළත වාර්තාවක් ලබාදෙන්නැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව දැනුම් දී තිබේ.
මෙම දැනුම්දීම කර ඇත්තේ මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, විදුබල මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණායතනය හා දිස්ත්‍රික් ලේකම්වරුන්ටය.
සමනලවැව, ඉහළ කොත්මලේ, නෝටන් බි්රජ් ජලාශයන්හි එසේ මැණික් ගැරීම සඳහා අවසර දීමට වැඩපිළිවෙළ අනුව තීරණය කර ඇත.
එම ජලාශ වල ඩොලර් මිලියන ගණනක මැණික් ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය දැනටමත් ඇස්තමේන්තු කර ඇති බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේය.
කෙසේවෙතත් මෙම මැණික් ගැරීමේදී ජලාශවල සොරොවුව, වැව් බැම්ම, විදුලි නිෂ්පාදන සඳහා ජලය මුදා හැරීම ස්ථානවලට කිසිදු හානියක් ඇති නොවන පරිදි පරිසරයට හානියක් නොවන පරිදි වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ද කමිටුව නිර්දේශ කර තිබේ.
