මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් වලින් රුපියල් ලක්ෂ 63,000 කට ආසන්න මුදලක් හිඟ බදු හා ප්‍රමාද ගාස්තු වශයෙන් අයවීමට ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි .
මේ වන විට සමාගම්වලින් ලැබීමට තිබෙන මුළු හිඟ බදු හා ප්‍රමාද ගාස්තු මුදල් එකතුවිම ක්‍රමයෙන් අඩු වන බවද වාර්තා වේ
ගෙවීමේ සැලසුමට අනුව අදාළ මුදල් නොගෙවන අදාළ මත්පැන් නිෂ්පාදන සමාගම්වල සුරා බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව ද නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා සදහන් කරයි .
