අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ වසර තුනක කාලයක් ඇතුළත නවත්වා දැමීමට කටයුතු කරන බව කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමති අනුප පැස්කුවල් මහතා සඳහන් කරයි.

මෙම සහනාධාර ලබන පුද්ගලයන් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත සැලසුමක් සකස් කර ඇති බවද හෙතෙම පැවසීය.

එම පුද්ගලයන් විවිධ වෘත්තීන් සඳහා යොදවන බවත් ඔහු පවසයි.

මේ පිළිබඳව සමෘධි සංවර්ධන නිළධාරින් හා සමෘද්ධි කළමණාකරුවන්ගේ අදහස ලබාගැනීමද ක්‍රියාත්මක කරමින් ඇති බවද පැස්කුවෙල් මහතා වැඩිදුරටත් කියා සිටියේය

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page