අපරාධ කල්ලි නායක නදුන් චින්තක නොහොත් හරක් කටා තම අත්වලට මාංචු දමා ඇති බවට රඟපෑමක් සිදු කර සිය ආරක්ෂාවට සිටි STF උප පොලිස් පරීක්ෂක වරයාගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ කළේය.
STF උප පොලිස් පරීක්ෂක වරයාගේ ගිනි අවිය උදුරාගෙන පලායාමට උත්සහ කිරීමේ සිදුවීමෙන් පසුව හරක් කටාගෙන් ප්‍රශ්න කළ මහජන පැමිණිලි විමර්ශන අංශයේ නිලධාරීන් 07 දෙනකු විමර්ශන අවසන් වනතෙක් එම ඒකකයෙන් ඉවත් කර ඇත.
පලාගිය කොස්තාපල්වරයාට ඇතුලු එම ඒකකයේ නිලධාරීන් 08 දෙනෙකු සිට ඇති අතර ඉතිරි වු නිලධාරීන් 07 දෙනා එම ඒකකයෙන් ඉවත් කර ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ.
