.
ශ්රී ලාංකික බිරිඳ සහ පුතු යළි ජපානය වෙත නොපැමිණි බවට ජපන් ජාතික පියෙකු විසින් මෙරට පොලීසිය වෙත පැමිණිලි කර ඇත.
පොලීසිය පවසන්නේ ඒ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල සංචාරක පොලීසිය වෙතට යොමුකර ඇති බවය.
විද්යුත් තැපෑල හරහා මෙම පැමිණිල්ල අදාළ ජපන් ජාතිකයා විසින් විද්යුත් මාර්ගයෙන් පැමිණිල්ලක් යොමුකර ඇත.
විද්යුත් පණිවුඩය මගින් ඔහු පවසා අත්තේ නියමිත දිනයේ ඔවුන් යළි ජපානය බලා නොපැමිණි බවය.
සිද්ධිය සම්බන්ධයෙන් සංචාරක පොලීසිය විසින් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත.
