වාහන හැර අන් සියලුම භාණ්ඩ වෙනුවෙන් පනවා තිබු තාවකාලික ආනයන සිමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කල බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කර ඇත .
ආර්ථිකය යළිත් පුලුල් කිරිමේ අරමුණින් එය සිදුකල බවත් අද ( ඔක්තෝම්බර් 9) සිට එය ක්‍රියාත්මක කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර බවත් අමාත්‍යවරයා සදහන් කලා.
අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ….
ආනයන සිමා පනවා තිබියදි රේගුව මගින් අපේක්ෂා කල රාජ්‍ය ආදායම ලගා කර ගැනිම ගැටලුවක් වී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි .
සාමාන්‍ය විදියට ආර්ථිකය ක්‍රියාත්මක වු 2018 වසරේදීත් රේගු ආදායම පැවතියේ රුපියල් බිලියන 918 යි.
රේගුවේ ආදායම ආනයන මත පදනම් වි ඇති බවත් මේ වන විටත් විශාල වශයෙන් ආනයන සිමා පනවා තිබිම අපේක්ෂිත ආදායම බලාපොරොත්තු විය නොහැකි බවත් ඔහු සදහන් කරයි ..
රේගු ආදායමින් සියයට 25 වාහන මත පනවන බදු මගින් ලැබෙන බවත් මේ වන විටත් වාහන ආනයන සිමා කර ඇති තත්ත්වයක් තුල අපේක්ෂා කල ආදායම විශාල ලෙස පහත වැටි ඇති බවත් අමාත්‍යවරයා සදහන් කලා.
මේ කාරණා පිළිබඳව බලද්දී අප ඉතාමත් ප්‍රායෝගිකව බැලිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සදහන් කලා
