විදුලි ගාස්තු ඉහළ නංවීම හැර ආණ්ඩුවට වෙනත් දැක්මක් නැති බව විදුලි ගාස්තු වැඩි කිරිම පිළිබඳව අදහස් දක්වමින් පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සදහන් කර සිටියා.
අද කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කලා.
උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් ….
“අද ඉතාමත් ශෝක ජනක දවසක්. විදුලි බිල වැඩි කිරීම ඉතාම
අසාදාරණයි. ආණ්ඩුවට වෙනත් දැක්මක් නැද්ද වැඩි නොකර ඉන්නට, ජනතාවට අද හරිම අමාරුයි. මගෙ පන්සලෙත් බණක් කරගන්න බෑ. කොළඹ උසම බුදු පිළිම වහන්සේට රෑට විදුලිය දාන්න විදිහයක් නෑ. මේ රටේ දේශපාලකයන් කිසියම් පරිත්‍යාගයක් කරනවද? ඔවුන්ට නැති දෙයක් නෑ. ඔවුන් ඔවුන්ටම කර ගන්නවා මිසක් ජනතාවට සෙතක් කරන්නෙ නැහැ. ජනතාව තලාපෙලා දැමීම සම්බන්ධව මගෙ දැඩි කනගාටුව පළ කරනවා.විදුලි බිල් වැඩි කිරිමට එරෙහිව අපි සටන් කරනවා , අපේ ඉවසීම පැනලා තියෙන්නෙ කියලා රජයට කියනවා
