ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය හිමි වීම මගින් ඇතිවන විශ්වාසය මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට ප්‍රමුඛ ධනාත්මක බලපෑමක් කරනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

එමගින් ශ්‍රී ලංකාව තුළ ඇති වන ආර්ථික ස්ථාවරත්වය මගින් හටගන්නා විශ්වසනීයත්වය ඊට හේතුවන වන බවයි අමාත්‍යවරයා සඳහන් කරයි .

එක්සත් ජාතීන්ගේ දිනය වෙනුවෙන් කොළඹ මූලස්ථානයේ පැවැති වැඩසටහනේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා ඊයේ (24) මේ බව පැවැසීය.

එහි දී සේමසිංහ මහතා කියා සිටියේ ආර්ථික අර්බුධය උග්‍ර වූ පසුගිය වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත ආයතන ශ්‍රී ලංකාවෙ වතෙ ලබා දුන් සහය අතිශය අගය කරන බවයි.

තිරසර සංවර්ධන ඉලක්ක වෙත ළගා විම සඳහා ශ්‍රී ලංකාව සුවිශේෂී පියවර රැසක් ගෙන ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ වෙනුවෙන් වූ වේගවත් ව්‍යුහාත්මක වෙනස්කම් රැසකට අවතීර්ණ වී ඇතැයි ද පැවැසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය ලෙස ඇඩො. මිලියන 330ක දෙවැනි වාරිකය ලබා ගැනීම පිළිබඳ සුබවාදී අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව පසුවන බව කියා සිටි සේමසිංහ මහතා සඳහන් කළේ එය ලැබීම මගින් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් බහු පාර්ශ්වික මූල්‍ය ආයතනවල සහය තව දුරටත් හිමි වන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් තිරසර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ලබා දෙමින් සිටින සහයෝගය අඛණ්ඩව ඉදිරියටත් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා එහි දි වැඩි දුරටත් සඳහන් කළේ ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page