රටට ආදරය කරන ක්‍රීඩකයෝ පිරිසක් සමග ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩගැනීම තමන්ගේ ඒකම අරමුණ බව ක්‍රිකට් අතුරු කමිටුවේ, සභාපති අර්ජුන රණතුංග මහතා පවසයි.

තමන්ගේ මුලික අවධානය ක්‍රිකට් ක්‍රීඩාවට ලබා දෙමින් රටට ආදරය කරන ක්‍රීඩකයෝ පිරිසක් සාදා ගැනීම තම මුලික කටයුත්ත වන බවත් තමාට භාරදුන් කටයුත්ත නිසිලෙස ඉටු කිරීමට බලාපොරොත්තු වන බවත් අර්ජුන රණතුංග සදහන් කර සිටියා

මෙම තනතුර බලෙන් ලබාගත් දෙයක් නොවන බව ද පරිපාලනය පිළිබඳ අනෙක් සාමාජිකයින් විසින් කටයුතු කරනු ඇති බවත් පැවසු අර්ජුන රණතුංග මහතා ක්‍රිකට් ක්‍රීඩාවට නව සන්නාමයක් හඳුන්වා දීම තම අභිප්‍රාය වන බවත් පවසා සිටියා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සදහන් කලේ ….

ක්‍රීඩා ඇමතිතුමා සෑහෙන කාලයක් මේ දිහා බලාගෙන ඉඳලා ඊට පස්සේ මේ ක්‍රිකට් අද වැටිලා තියෙන තත්ත්වයත් එක්කයි මේ තීරණය ගන්න ඇත්තේ.

එතුමා පත්කරපු කමිටුවේ මටත් වගකීමක් භාරදීලා තියෙනවා. මගේ අවධානය වැඩියෙන් යොමු වෙන්නේ ක්‍රිකට් පැත්තට. පරිපාලනය පැත්තට තව කණ්ඩායමක් ඉන්නවා. අපට අවශ්‍ය වෙන්නේ මේ ක්‍රිකට් ගොඩගන්න. ඒ සඳහා අපේ පුළුවන් සහයෝගය ලබාදෙනවා.

මේ පාර අපි එන්නේ මේ ක්‍රිකට් ටික හදලා බ්‍රෑන්ඩ් එකක් හදන්න. ලංකාවේ මිනිස්සුන්නට ක්‍රිකට් එපා වුණා. ලංකාවේ තිබෙන හොරම දූෂිතම ආයතනය මේක බවට පත්වුණා. මේ සියල්ලම වෙනස් වෙලා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ආදරය කරන ක්‍රිකට් කණ්ඩායමක් සහ ආයතනයක් බවට පත් කිරීමට සහ රටට ආදරය කරන ක්‍රිඩකයන් ටිකක් හදා ගැනීම මගේ විශාලම බලාපොරොත්තුව.

මම නීතිය ගැන කතා කරන්නනේ නෑ. මම එකට දක්ෂ කෙනෙක් නෙමෙයි. නමුත් මහජනයාට අවශ්‍ය කරන දේ අද අපට තේරිලා තියෙනවා. අපිට වැඩක් භාරදිලා තියෙනවා අපි ඒක භාර ගන්නවා. හරියට කරනවා. අපිට යන්න කිව්වොත් අපි යනවා. මේක අපි බලෙන් ඉල්ලගෙන ආපු එකක් නෙමේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page