ජනාධිපතිවරයාගේ උපදෙස් මත විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතා ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව විසින් සකස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථා කෙටුම්පත ඊයේ (8) විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද ක්‍රිකට් ගැටලු විසදීමේ කැබිනට් අනු කමිටුව වෙත බාර දි ඇත.

මේම නව ව්‍යවස්ථා කෙටුම්පත අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සිදු කිරීම පාලනය කිරීම සහ අධීක්ෂණය සඳහා 18 දෙනෙකු ගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කළ යුතු බව සඳහන් කර ඇත.

එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 08 දෙනෙකු පත්කරන ලද සාමාජිකයන් වන අතර 10 දෙනෙකු ඡන්දයක් මඟින් තෝරා පත් කර ගැනීම සිදු කරයි.

පත්කරනු ලබන 08 දෙනා තෝරාගැනීම සඳහා වෙනම 06 දෙනෙකු ගෙන් සමන්විත නාමයෝජනා කමිටුවක් සකස් කර ඇත.

ඒම නාමයෝජනා කමිටුවේ සාමාජිකයන් පහතින් දැක්වෙයි.1) ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති2) වරලත් ගණකාධිකාරවරුන් ගේ සංගමයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන ලද එම ආයතනික කමිටු සාමාජිකයෙක්.3) ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති හෝ ඔහු හෝ ඇය විසින් නම් කරනු ලබන නීතිඥ කවුන්සිලයේ සාමාජිකයෙක්.4) ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති හෝ ඔහු හෝ ඇය විසින් නම් කරනු ලබන එම ආයතනයේ කමිටු සාමාජිකයෙක්.5) slid ආයතනයේ සභාපතිවරයා හෝ ඔහු හෝ ඇය විසින් නම් කරනු ලබන එම ආයතනයේ කමිටු සාමාජිකයෙක්.6) CIMA ආයතනයේ ප්‍රධානියා හෝ ඔහු විසින් නම් කරනු ලබන එම ආයතනයේ කමිටු සාමාජිකයෙක්.

ඉහත නම් කරන ලද කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය සඳහා නම් කරනු ලබන අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් 18 දෙනා අතරින් සාමජිකයන් 08 දෙනෙකු තෝරා පත්කර ගැනීම සිදු කළ යතු බව නව ක්‍රිකට් ව්‍යවස්ථාවේ සඳහන් කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉතිරි සාමාජිකයන් 10 දෙනා අතරින් 05 දෙනෙකු ක්‍රිකට් ක්‍රීඩා සමාජවලින් නිලවරණයකින් තෝරා ගත යුතු වන අතර ක්‍රිකට් ක්‍රීඩා සමාජ සහ සංගම්වල හරහා ඒමා අධ්‍යක්ෂවරුන් 5 දේනා තෝරාපත්කර ගැනීම ඒ ඒ සංගම් සහ ක්‍රීඩා සමාජ හරහා සිදු කළ යුතු බව ද එම නව ව්‍යවස්ථා කෙටුම්පතේහි දැක්වෙයි.

ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් 05 දෙනා තෝරාගනු ලබන්නේ පහත සඳහන් ආකාරයටය.

ක්‍රීඩකයන් ගේ සංගමයෙන් අධ්‍යක්ෂවරයෙක් , නිලවරණයකින් පාසල් ක්‍රිකට් සංගමයෙන් අධ්‍යක්ෂවරයෙක්, නිලවරණයකින් කාන්තා ක්‍රිකට් සංගමයෙන් අධ්‍යක්ෂවරයෙක්, නිලවරණයකින් විනිසුරුවරුන්ගේ සංගමයෙන් අධ්‍යක්ෂවරයෙක්, නිලවරණයකින් පුහුණුකරුවන්ගේ සංගමයෙන් අධ්‍යක්ෂවරයෙක් ලෙසයි .

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි කමිටු 10 ක් පත්කිරීමට ද යෝජනා කර ඇත.

ඒ ක්‍රිකට් කමිටුව, විගණන කමිටුව, පාර්ශ්වකාර ගනුදෙනු කමිටුව, නාම යෝජනා කමිටුව, තේරීම් කමිටුව, තරගාවලි කමිටුව, පහසුකම් සංවර්ධන කමිටුව, සංචාර කමිටුව, රීති – බේරුම්කරණ -හා විනය කමිටුව, ආයෝජන කමිටුව, තහනම් උත්තේජක සහ දූෂණ මර්දන කමිටුව හා වේතන කමිටුව වශයෙන්ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page