ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයන් තිදෙනෙකු ද ඇතුලත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව කමිටුවක් පත් කර ඇත .
පසුගිය දා අමාත්‍යවරයා විසින් පත් කළ අතුරු පාලක කමිටුවේ සාමාජිකයන් වූ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා යන අය නව කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කර තිබේ .
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ අඛණ්ඩතාව, විනිවිදභාවය සහ වගවීම යන මූලධර්ම ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැපවී සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විගණනයෙන් අනාවරණය වූ කරුණු විමර්ශනයට මෙම කමිටුව පත් කර ඇති බවත් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් මෙම නිවෙදනයෙ සදහන් කර සිටි
