ක්රිකට් පරිපාලනයේ හා දේශපාලන අතර පවතින ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා නොගතහොත් අවසානයේදී අපහසුතාවට පත්වන්නේ ක්රීඩකයන් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී හිටපු ක්රීඩා අමාත්ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කරයි .
තමන් ක්රීඩා අමාත්යවරයා ලෙස කටයුතු සිදු කරන කාලයේදී පරිපාලන ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත් බවත් එසේ කළේ ක්රීඩාව සහ ක්රීඩකයන්ගේ අනාගතය ගැන සිතා බවත් ඔහු පවසයි .
මේ වන විට ජාත්යන්තර ක්රිකට් කවුන්සලය ශ්රී ලංකාවේ ක්රිකට් තහනම් කිරීම හේතුවෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 100 ක් පමණ සෘජු සහ වක්රව රටට අහිමිවන බවත් මන්ත්රීවරයා පවසයි
ඒසෙම ආණ්ඩුවේ අභ්යන්තර පරිපාලන ගැටලු නිරාකරණය කර ගැනීමට ක්රීඩාව පාවිච්චි නොකළ යුතු බව ද ඔහු තවදුරටත් සදහන් කර සිටි
