ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා සිය මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරමින් සිටින ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳ සතුටට පත්වන බවත්, ඒවා නොවෙනස් ව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අවධාරණය කළ බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ එහි දී අදාළ ප්‍රතිසංස්කරණ සහ ඒවායේ කාල රාමු පිළිබඳ වැඩි දුරටත් සාකච්ඡා කළ බවයි. මෙරට සංචාරයක නිරත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ කණ්ඩායම සමඟ IMF වැඩසටහන පිළිබඳ, අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සමාලෝචන රැස්වීමේ දී මෙම අදහස් පළ විය.

කුමන පාර්ශ්වයක් බලයට පැමිණිය ද මෙම ප්‍රතිසංස්කරණ රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා අවශ්‍ය බව පෙන්වා දුන් එම ධුත පිරිස කියා සිටියේ තමන් මේ බව පක්ෂ විපක්ෂ සියලු පාර්ශ්ව වෙත දන්වා සිටින බවයි.

එහි දී ධූත පිරිස සිය උතුරු සහ නැගෙනහිර සංචාරය පිළිබඳව ද අදහස් පළ කර අතර ඔවුන්ගේ මෙම ක්‍රියාවලියේ කොටස්කරුවන් බවට පත් කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page