හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ විය.
2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමණාකරු වශයෙන් කටයුතු කරමින් සිටියදී පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසි වන අයුරින් ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීම තුළින් රජයට රුපියල් 8,859,708.00 ක පාඩුවක් කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.
එහිදී විත්තිකාර හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට අදාළ චෝදනා විවෘත අධිකරණයේ කියවනු ලැබූ අතර ඊට තමා නිවැරදිකරු බව ප්‍රකාශ කරන ලදි…
