යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ඊයේ (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී පසුගිය වසරේ යල කන්නයේදී මිලදී ගත් වී තොග ප්‍රමාණවත් ලෙස තවමත් වෙළෙඳපොළට නිකුත් නොවීමේ ගැටලුව පිළිබඳ අවධානය යොමු කෙරිණි.

එම ගබඩා නිදහස් කර ගැනීම සඳහා මේ වන විට ගෙන ඇති පියවර සහ ඉදිරි යෝජනා පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙන ලදී.

විශේෂයෙන්ම ඉදිරියේදී ඇති විය හැකි අයහපත් කාලගුණික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ආරක්ෂිත වී තොග පවත්වාගෙන යාමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

තවද, දිස්ත්‍රික් මට්ටමින් පවතින වී ගබඩාවල තත්ත්වය සහ ආරක්ෂිත තොග පිළිබඳ නිවැරදි දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ද අවධාරණය කළ අතර, එමඟින් අනාගතයේදී මෙවැනි ගැටලු වළක්වා ගැනීමට හැකි වන බව ද පෙන්වා දෙන ලදී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page