ඩොලර් සංචිත පසුගිය ජූනි මස අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර ඇත.

මෙම මුදලට චීන මහජන බැංකුව ලබා දුන් විදේශ මුදල් හුවමාරු පහසුකමද ඇතුලත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

එසේම අයවැය පරතරය අඩු කර ගැනීම සඳහා බහු ජාතික මූල්‍ය ආයතන රජයට මූල්‍ය සහාය සපයා තිබෙන බව මහ බැංකුව ප්‍රකාශ කර ඇති අතර මෙම වසරේ ඉතිරි මාස 6 ක කාලයේදී බහු ජාතික මූල්‍ය ආයතන වලින් ශ්‍රී ලංකාවට තවත් මූල්‍ය සහන බලාපොරොත්තු විය හැකි බව මහ බැංකුව පෙන්වා දී තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page