එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පැවති අවසන් මහා තරගයෙන් ලකුණු 128ක විශිෂ්ට ජයග්‍රහණයක් ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තය පරදා ලබා ගැනීමට සමත් විය.
තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 234ක ඉලක්කය හඹා යන නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 23යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 105ක් ලබාගත්තේය.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයෙන් ලකුණු 128ක ජයක් ලබාගත්තේය.
