අධිකරණය විසින් අතඅඩංගුවට ගැනිමට වරෙන්තු නියෝග නිකුත් කර තිබෙන දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට හෝ පවුලේ සාමාජිකයන්ට මුල්‍ය විශුද්ධිකරණ පනතට අදාලව පෙර වැරදි වාර්තා නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මූල්‍ය විශුද්ධිකරණය චෝදනාව යටතේ නීතිමය පියවර ගැනීමට නොහැකි බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.

අල්ලස දූෂණය නාස්තියට එරෙහිව පුරවැසි බලය නම් සංවිධානය විසිනි දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ට එරෙහිව කරන ලද පැමිණිල්ලක් මත
මෙම විමර්ශන සිදුකර ඇත.

කටුනායක ප්‍රදේශයේ පවත්වාගෙන යන ‘මිරකල් ඩෝම්’ නැමැති ආගමික මධ්‍යස්ථානය ඉදිකිරීමට ඉඩම ලබාදී ඇත්තේ තෑගි ඔප්පුවක් මගින් ව්‍යාපාරිකයෙකු විසින් බවද ඔවුන් හෙළි කරගෙන තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page