අර්බුදයකට ලක් වී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) ණය මුදල නිදහස් කරගැනීමේ අවසන් තුරුම්පුව භාවිත කරමින් පාකිස්තානය එරට මුදලින් රුපියල් බිලියන 215ක බදු ආදායමක් උපයා ගැනීමේ යෝජනාව ඇතුළු යෝජනා රැසකින් සමන්විත මෙවර අය වැයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී ඇතැයි එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. අය වැයෙන් බදු ඉහළ දැමිම පාකිස්තානයට ණය මුදල් නිදහස් කිරිමේ ප්‍රධානතම කොන්දේසියක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබිණි.

නව බදු පැනවීම්වලට අනුව රුපියල් බිලියන 70ක් පොහොර බද්දෙන්, රුපියල් බිලියන 45ක් දේපළ මිලදී ගැනීමේ බද්දෙන් අයකර ගැනීමටත්, විකිණීමේ බදු ඉහළ දැමීමටත් පාකිස්තාන රජය මෙවර අය වැයෙන් අපේක්ෂා කරන බවත්, රුපියල් ලක්ෂ දෙකකට වැඩි මාසික ආදායමක් ලබන අයගෙන් රුපියල් බිලියන 30ක් බදු වශයෙන් අයකර ගැනීමට සැලසුම් කර ඇති බවත් ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. මීට අමතරව රුපියල් බිලියන 85කින් රජයේ වියදම් කපා හැරීමට ද තීරණය වී ඇති අතර, ඉන්ධන බද්ද රුපියල් බිලියන 50 සිට 60 දක්වා ඉහළ දැමීමටත් යෝජනා කර ඇතැයි වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page