මෙම වසර තුළ දී තුර්කියට බලපෑ භූමිකම්පා හේතුවෙන් එරටට අමෙරිකානු ඩොලර් බිලියන 100ක පමණ හානියක් සිදුව ඇති බව වාර්තා වනවා.

තුර්කියේ පරිසර අමාත්‍ය Mehmet Özhaseki, පවසන්නේ එම භූමිකම්පා තත්ත්වයන් හේතුවෙන් දැවැන්ත මූල්‍ය පීඩනයක් එල්ල කර ඇති නමුත් පීඩාවන්ට පත් වුවන්ට අවශ්‍ය සහන සැලසීමට කිසිවිටෙකත් පසුබට නොවන බවයි.

එමෙන්ම භූමිකම්පාවන් හේතුවෙන් හානියට පත් වූ ගොඩනැගිලි 850,000ක් ප්‍රතිසංස්කරණය කිරීමට ද සිදුව ඇති බව තුර්කි පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

භූමිකම්පා හේතුවෙන් සිදුව ඇති අලාභ පියවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 550ක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page