2023 ගෝලීය සාම දර්ශකයට අනුව අයිස්ලන්තය අඛණ්ඩව 15 වන වරටත් ලෝකයේ වඩාත්ම සාමකාමී රට ලෙස ශ්‍රේණිගත කර තිබෙනවා.

ඩෙන්මාර්කය, අයර්ලන්තය, නවසීලන්තය සහ ඔස්ට්‍රියාව පෙරමුණේ එම ශ්‍රේණිගත කිරීම් සඳහා ඇතුලත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීට අමතරව සිංගප්පූරුව, පෘතුගාලය, ස්ලෝවේනියාව, ජපානය සහ ස්විට්සර්ලන්තය ද පළමු 10 දෙනා අතරට ඇතුලත් වී ඇති බව සඳහන්.

කෙසේවෙතත් ලෝකයේ වඩාත්ම සාමකාමී රටවල් ප්‍රකාශයට පත් කර ඇති ශ්‍රේණිගත කිරීම් හි මීට පෙර පෙරමුණේ සිටි කැනඩාව, චෙක් ජනරජය, ෆින්ලන්තය සහ ක්‍රොඒෂියාව මෙවර ලැයිස්තුවේ පහළ ස්ථානයක් ගෙන තිබෙනවා.

ගෝලීය වශයෙන් වඩාත්ම සාමකාමී කලාපය යුරෝපය වන බව සඳහන්.

එමෙන්ම ලොව අනතුරුදායක රට ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ ඇෆ්ගනිස්ථානයයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page