කවුරුන් කුමක් කීව ද මේ මොහොතේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.
මේ වන විට ශ්‍රි ලංකාව ණය අර්බුදය නිසා දැඩි ආර්ථික කඩා වැටිමකට ලක් වි ඇති අතර නැවත ණය ගෙවීම ආරම්භ කළ හොත් එය මේවැනි ආර්ථික පසුබිමක් තුල ආර්ථිකයට දරා ගැනිම්ට නොහැකි අතර නැවත ආර්ථිකය යතා තත්වයට වැටෙන තුරු ණය ගෙවිම කල් දා ගත යුතු බවද ඔහු පැවසීය.
දේශීය ණය ගෙවීමට රුපියල් හා විදේශ ණය ගෙවීමට ඩොලර් මේ මොහොතේ ශ්‍රී ලංකාව සතුව නැති බව ද හෙතෙම කිය සිටියේය.
මෙම තත්ත්වය නිසා ප්‍රතිව්‍යුහගතකරණය නොකර මීට පිළිතුරක් නැති බවත් කවුරුන් හෝ රුපියල් හා ඩොලර් ගෙනවිත් දෙනවා නම් පමණක් උත්තරයක් ඇති බවත් හෙතෙම පැවසීය.
