රටේ ජනතාව පිඩාවට පත් වි සිටි අවස්ථාවේ ජනතාව එම පිඩාවෙන් මුදා ගැනිමට කටයුතු කල එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසුවා.
සාගල රත්නායක මහතා ඒ බැව් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මස්කෙලිය බල මණ්ඩලය රැස්විම පැවති රැස්විමේ අමතාය.
මෙම රැස්විමේදි වැඩිදුරටත් අදහස් දැක් වු සාගල රත්නායක මහතා කියා සිටියේ අස්වැසුම ව්‍යාපෘතිය සදහා මේ වන විට අභියාචනා හාර ලක්ෂ අනු එක්දහසක් සහ පැමිණි විරෝධතා හයදහස් හත්සිය අසු තුනක් ලැබි ඇති බවයි.
එම අභියාචනා සහ විරෝධතා සලකා බලා අඩු අදායම්ලාභින්ට සාධාරණයක් ඉටු වන සේ අස්වැසුම වැඩසටහන තුලින් සහන ලබාදෙන බව සාගල රත්නායක මහතා කියා සිටියේ ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වලිගයේ එල්ලිගොස් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කල නොහැකි බවත්, ග්‍රාමිය මට්ටමෙන් කුඩා කණ්ඩායම් ලෙස එක් වි එක්සත් ජාතික පක්ෂය යලි ශක්තිමත් කිරිමට පියවර ගත යුතු බවත් සාගල රත්නායක මහතා වැඩි දුරටත් කියා සිටියේ.
