කාන්තාවන්ගෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උදුරා ගනිමින්
තලේබාන් සංවිධානය විසින් පනවන ලද නව වාරණයක් ලෙස රූපලාවන්‍ය මධ්‍යස්ථාන හා කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන වසා දැමීමට නියෝග කර ඇති බව වාර්තා වේ.

තලෙයිබාන් සංවිධානය මේ වන විට නව යොවුන් වියේ ගැහැනු ළමයින්ට සහ කාන්තාවන්ට පන්ති කාමර, ව්‍යායාම මධ්‍යස්ථාන සහ උද්‍යානවලට ඇතුළු වීම තහනම් කර ඇති අතර මෑතකදී ඔවුන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ කිරීම පවා තහනම් කර ඇත.

මොවුන් බලයට පත්වීමත් සමඟ ක්‍රමයෙන් කාන්තා නිදහස හැකිලී ගිය අතර කාන්තාවන්ගේ ඇස් පමණක් පෙනෙන ආකාරයට ඇඳ පැළඳ සිටිය යුතු බවත්, ඔවුන් කිලෝමීටර් 72 (සැතපුම් 48) ට වඩා වැඩි දුරක් ගමන් කරන්නේ නම් පිරිමි ඥාතියෙකු සමඟ පැමිණිය යුතු බවත් නියෝග කර ඇත.

මේ සම්බන්ධයෙන් ඇෆ්ගන් කාන්තාවන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ, තලෙයිබාන්වරු ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උදුරා ගනිමින් සිටින බවයි. කාන්තාවගේ ශරීරය පිළිබඳ අවධානය යොමු කරනවා විනා කිසිදු දේශපාලන සැළැස්මක් නොමැති බවය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page