රජය විසින් පොලී අනුපාත අඩු කිරීමේ වැඩි වාසි සැලසී ඇත්තේ තැරැව්කරුවන්ට හා විදේශ සමාගම් වලට බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
ඔහු වැඩි දුරටත් පැවසුවේ සේවක අර්ථ සාධක අරමුදලින් බැඳුම්කර මිලදී ගත් විට ඊට ගෙවනු ලබන පොලී අනුපාතය 9% දක්වා අඩු කර ඇතත් තැරැවුකරුවන්ට ලැබෙන ලාභය වෙනසක් සිදු වී නැති බවද කියා සිටියේය.
ආණ්ඩුව මුදල් උපයා ගැනීමේ අරමුණෙන් පොලී අනුපාත වැඩි කළ බව පෙන්වා දුන් ඒ මහතා ලාභයන් බෙදීයාමේදී සාධාරණ ක්‍රමවේදයක් තිබිය යුතු බවද කියා සිටියි.
