සංශෝධිත නව කම්කරු නීතිය මගින් වෘත්තීය සමිතියක් පිහිටුවීමට අවශ්‍ය අවම සාමාජික සංඛ්‍යාව 100 දක්වා ඉහළ දමා ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.

වෘත්තීය සමිතියක් පිහිටුවීම සඳහා දැනට අවශ්‍ය වන්නේ සාමාජිකයන් 7 .
වන අතර
ඒම අවස්ථාවේදී රටේ ජනගහනය මිලියන 5.8ක් වූ බව පැවැසූ හෙතෙම කාලානුරූපීව සලකා බලා සාමාජික සංඛ්‍යාව වැඩිකිරීමේ යෝජනාව ඇතුළත් කළ බව ප්‍රකාශ කළේ ය.

එසේ ම, නව කම්කරු නීතියට අනුව වෘත්තීය සමිතියක විධායක සභාවට සියයට 25ක කාන්තා නියෝජනයක් අනිවාර්ය කර ඇතැයි ද ඔහු කීය.

වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට පෙර සේවායෝජකයා දැනුවත් කිරීමත්, වැඩ වර්ජනයක් කිරීමට සාමාජිකයන් බහුතරයකගේ කැමැත්ත ලබා ගැනීමත් අනිවාර්ය කරමින් නීති ප්‍රපාදන සකස් කර ඇතැයි ද අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.

වැටුපෙන් සාමාජික මුදල් අඩුකර වෘත්තීය සමිති වෙත යොමුකිරීම සේවායෝජකයාට අනිවාර්ය කරන බව පැවැසූ ඇමතිවරයා ඒ අනුව සේවකයෙකු ඉල්ලීමක් කළහොත් වෘත්තීය සමිති සාමාජික ගාස්තු වැටුපෙන් අය කර ගැනීම අනිවාර්ය කරන බව සඳහන් කළේ ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page