නුවරඑළිය සෙන්පති නිවසෙහි පසුගිය සතියේ දිනෙක නවාතැන් ගැනීමට ගිය මන්ත්‍රීවරයෙකුගේ හිතවතුන් පිරිසක් එහි පාලකයන් විසින් ආපසු හරවා යවා ඇති බව වාර්තා වනවා.

මෙම නිවාඩු නිකේතනයේ ලැඟුම් ගැනීම හැකියාව ඇත්තේ මන්ත්‍රීවරයකුට හෝ මන්ත්‍රීවරයකු සමග පැමිණෙන පවුලේ ඥාතීන්ට පමණකි.

එදින නවාතැන් ගැනිමට පැමිණි පිරිස සමග මන්ත්‍රීවරයකු නොහිටිම හේතුවෙන් එම පිරිස නැවත හරවා යැවීමට එහි පාලන අධිකාරිය කටයුතු කර තිබෙනවා.

නුවරඑළියේ සෙන්පති නිවෙස වෙන් කර ගැනීමට අදාළ මන්ත්‍රීවරයා අනිවාර්යෙන්ම එහි සිටිය යුතු බවට වූ නීතිය පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් පණවා ඇත .

ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හිතවතුන් මෙම මන්ත්‍රී බංගලාව වෙන් කරගෙන එහි ලැඟුම්ගෙන සිටි සෙසු මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට හිරිහැර වන අයුරින් හැසිරී ඇති බවට මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු ප්‍රධානීන් මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙම ගැටළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී පසුගියදා දීර්ඝ සාකච්ඡා කර ඇති බව සඳහන්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පිට පළාත්වල ඇති එකම නවාතැන් බංගලාව මෙය වනවා.

එහි එක් මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් මෙහි එක් කමාරයක් සඳහා දිනකට අය කෙරෙන ගාස්තුව රුපියල් 1000කි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page