රටේ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කිරීම හා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ විශේෂ කාරක සභාවක් පසුගිය දා කතානායකවරයා විසින් පත්කරනු ලැබුවා.
එහි සභාපතිත්වය ලබා දී තිබුණේ පොහොට්ටුවේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් වෙතයි. එහි සෙසු සාමාජිකයන් ලෙස පත්කර තිබුණේ නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, ඩී. වී. චානක, මහින්දානන්ද අලුත්ගමගේ, ඉරාන් වික්‍රමරත්න, අශෝක් අබේසිංහ, ජයන්ත කැටගොඩ, හර්ෂණ රාජකරුණා, ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ විජිත හේරත් යන මන්ත්‍රීවරුන්ය.
රටේ මූල්‍ය බංකොලොත්භාවය ඇතිවීමට හේතු වූ බහුතර පිරිසකගෙන් සමන්විත කමිටුවක් මගින් ඊට අදාළ සැබෑ හේතු පරීක්ෂාවට ලක් කිරීමක් හෝ ඊට අදාළ යෝජනා නිර්දේශ ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කල නොහැකි බැවින් තමන් එම කමිටුවෙන් ඉල්ලා අස්වන බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේරත් පවසා තිබෙනවා.
