පොලිස් අන නොතකා ධාවනය කරන ලද ඩිපෙන්ඩරය කොළඹ උසස් බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුවියන් පිරිසකගේ බව පොලිසිය විසින් සදහන් කරයි .

පොලිසිය සඳහන් කරන්නේ ඔවුන් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයකින් පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ගත් බවයි.

නාවල හා කොළඹ ප්‍රදේශයේ පදිංචි සිසුවියන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර මරදාන ඩීන්ස් පාරේ දී, මරදාන ටෙක්නිකල් හන්දිය ආසන්නයේදී, මරදාන කැලෑ පොල අසලදීත් ඔවුන්ට රථය නවත්තන්නැයි පොලිසිය සංඥා කර ඇතත් ඔවුන් එම අණ නොතකා ධාවනය කර තිබේ.

ඒ අනුව පොලිසිය ඔවුන්ගේ රථය පසුපස ගොස් එය නවත්වා ගැනීමට කටයුතු කර ඇති අතර එහිදී පොලීසිය හා තරුණියන් පිරිස අතර බහින්බස් වීමක් සිදුව ඇත.

පසුව තරුණියන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page