මුදල් හුවමාරු කිරීමේ ආයතන 15 ක බලපත්‍ර අලුත් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබ ඇති බව ය.
2023.02.22 වන දින අදාළ ආයතන වෙත මෙම තීරණය දැනුම් දී ඇති අතර 2022 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසියකට අනුකූල නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව මහ බැංකුව පැවසීය.
ඒ අනුව ඒම සමාගම් සඳහා තවදුරටත් මුදල් හුවමාරු කිරීමේ කටයුතුවල නිරතවීමට අවසර නොමැති බවත්, එම සමාගම් සමග විදේශ මුදල් මිල දී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන උල්ලංඝණය කිරීමක් ලෙස සලකනු ලබන බව ත් ජනතාව වෙත ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ නිවේදනයෙන් වැඩිදුරට ත් දැනුම් දී තිබේ.
