ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ සැබෑ ඝාතකයන්ට සහ භිෂන සමයේ ඝාතනයට ලක්වූ පුද්ගලයන්ට සාධාරණය ඉටු කරමින බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

එම ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට දැඩි දඩුවම් ලබාදෙන බවත් 71 සහ 89 යේ සන්නද්ධ අරගල දෙකේදී පක්ෂය වෙනුවෙන් ජීවිත පූජා කළ අයගේ පවුල් වෙනුවෙන් ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ සොයා බලා සාධාරණය ඉටු කරන බව ද ඔහු තව දුරටත් පැවසීය .

මෙ වන විට ජනතා විමුක්ති පෙරමුණ අතහැර ගිය කිසිදු නායකයෙකු ජාතික ජන බලවේගයට හෝ ජනතා විමුක්ති පෙරමුණට යළිත් නොගන්නා බවත් ඒ මහතා තව දුරටත් පැවසුවේ ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page